බැසයන්න බැහැ කියා වැලපෙන
සදට කුමුදක් කීය මේ ලෙස
ඔබ යන්න
නොසිතා කිසිදු සැකයක්
මා පිපෙන්නේ
ඔබ සද එළියේමය.
මම සිටිමි යළි
ඔබ එන තුරා
නොපිපිම.
Tuesday, 29 October 2019
Wednesday, 23 October 2019
සාදරාවන්ත පෙරළිය.
සාදරාවන්ත පෙරළිය.
බලනු මැන
මතු මහල් තල
මතින්
පොළෝ තලයට පැමිණ
ඔබ දිවිය පසස්නා
සාදරාවන්ත ¸ ජනහිත.
නොනිසි කිසිවෙකුදු නැති
නිමන නෙක යසිසුරු
සුවිනිත සුධීහු
මකා දා කළු පැල්ලම්
සාදා යසට අන්දම්
සිනාසෙන’යුරු
මං මාවත් ¸ තාප්ප සහ
වනස්පතී වෘක්ෂයන්හී පවා.
පොකුරු පත මත
පැනිත්තක් සේ
පිස දා සියලු ආශා
ගෙන දී ඔබට
නෙක නෙක වනින් ස්වප්න ද.
සිතේ නිසැකව ම
සිතුමිණි රුවනක්ව ද
කප් රුක ද සිතු පැතූ දේ දෙන
අහා! කිම අරුමය
මෙතරම් කිම ද හොඳ හිත.
අවකාශයක්
නොලැබ කිසි ඉසිඹුවකට
වික්ෂිප්ත වූ ජනහිත
සන්තුෂ්ට කරන පින් පිඬ
ඉදුරා ගෙනෙයි තුසිතය.
එනු එනු රැස්ව පොදි කා
මධුර ස්වරමය කනට සුව දෙන
තත්පර ජනී ජනයා
දරුවන් ඇකෙන් බිම දා
අසා සිටිනා අරුමය
ඉසුරුමත් බව ලද සේ
පොබයා නිබඳ මුව මුව.
ලත් දින දිනුම දෙරණත
ජය කෙහෙලි බැඳ මැති සඳ
පුද පෙරහරින් පිළිගෙන
තබනු මැන උස් අස්නෙක.
නොයෙක් වෙස් ගෙන
රුති රුති අයුරකින්
එසඳ උන් පානා
විසුළු බහු රූ කෝලම්
බලා හිදිනුව
තවත් පස් වසරක්
මුමුනා හෙමි හෙමින්
“ අදෝ අප කළ දේ ”
තිලක් ඒකනායක
අ/ නාච්චාදූව සිං ම වි
Saturday, 19 October 2019
අම්මා
අම්මා.
කළුවර අරන් බය පැමිණෙන සැදෑවක
හිත ඉකිබිඳියි එළියක් නැති අමාවක
දුක වැඩිවෙලා කඳුළක් එන වෙලාවක
අම්මා සඳක් විය පුර පස කලාවක.
කුරහන් සුවඳ මතකය ඇති පෙර දිනෙක
තනිකම සිඳිනි මවු සෙනෙහස ඇති පැයක
අද මම මගේ දියණිය සිඹිනා
විටෙක
අම්මගෙ සුවඳ සිහිවෙයි සුවඳැති මලක.
අග හිඟ අරන් එයි ගෙදරට අඬදබර
සෙනෙහස පලා යයි හිතවත්කම් අතැර
දැන හෝ නොදැන අම්මා ආ විට ගෙදර
පායයි හිනා හිරු මඬලක් අප
අතර.
කලිසම් ගවුම් තුනපහ සිල්ලර
ටිකද
ඔත ඔත යවයි දරු දැරියන් වෙත නිබඳ
පෙරලා තිළිණ නොඑනා මුත් ඇය වෙතද
පුදුමයි සිනාවෙන හැටි දූදරුවන් වැළද.
වැහිබර අහස කළුවර අරගෙන එද්දි
බිය මුසු හැඟුම් සිත තෙරපී පිබිදෙද්දි
පෙරදින ලැබුණ මවු උණුහුම සිහිවෙද්දි
මතකය එබෙයි හිත හඬවා පෙර සිද්දි.
Wednesday, 16 October 2019
Subscribe to:
Posts (Atom)