සාදරාවන්ත පෙරළිය.
බලනු මැන
මතු මහල් තල
මතින්
පොළෝ තලයට පැමිණ
ඔබ දිවිය පසස්නා
සාදරාවන්ත ¸ ජනහිත.
නොනිසි කිසිවෙකුදු නැති
නිමන නෙක යසිසුරු
සුවිනිත සුධීහු
මකා දා කළු පැල්ලම්
සාදා යසට අන්දම්
සිනාසෙන’යුරු
මං මාවත් ¸ තාප්ප සහ
වනස්පතී වෘක්ෂයන්හී පවා.
පොකුරු පත මත
පැනිත්තක් සේ
පිස දා සියලු ආශා
ගෙන දී ඔබට
නෙක නෙක වනින් ස්වප්න ද.
සිතේ නිසැකව ම
සිතුමිණි රුවනක්ව ද
කප් රුක ද සිතු පැතූ දේ දෙන
අහා! කිම අරුමය
මෙතරම් කිම ද හොඳ හිත.
අවකාශයක්
නොලැබ කිසි ඉසිඹුවකට
වික්ෂිප්ත වූ ජනහිත
සන්තුෂ්ට කරන පින් පිඬ
ඉදුරා ගෙනෙයි තුසිතය.
එනු එනු රැස්ව පොදි කා
මධුර ස්වරමය කනට සුව දෙන
තත්පර ජනී ජනයා
දරුවන් ඇකෙන් බිම දා
අසා සිටිනා අරුමය
ඉසුරුමත් බව ලද සේ
පොබයා නිබඳ මුව මුව.
ලත් දින දිනුම දෙරණත
ජය කෙහෙලි බැඳ මැති සඳ
පුද පෙරහරින් පිළිගෙන
තබනු මැන උස් අස්නෙක.
නොයෙක් වෙස් ගෙන
රුති රුති අයුරකින්
එසඳ උන් පානා
විසුළු බහු රූ කෝලම්
බලා හිදිනුව
තවත් පස් වසරක්
මුමුනා හෙමි හෙමින්
“ අදෝ අප කළ දේ ”
තිලක් ඒකනායක
අ/ නාච්චාදූව සිං ම වි
No comments:
Post a Comment