Saturday, 19 October 2019

අම්මා

Baby, Child, Family, Female, Guardian, Infant, Kid, Mom
 අම්මා.
කළුවර අරන් බය පැමිණෙන                   සැදෑවක
හිත ඉකිබිඳියි එළියක් නැති                       අමාවක
දුක වැඩිවෙලා කඳුළක් එන                   වෙලාවක
අම්මා සඳක් විය පුර පස                          කලාවක.

කුරහන් සුවඳ මතකය ඇති පෙර                        දිනෙක
තනිකම සිඳිනි මවු සෙනෙහස ඇති                     පැයක
අද මම මගේ දියණිය සිඹිනා                             විටෙක
අම්මගෙ සුවඳ සිහිවෙයි සුවඳැති                           මලක.

අග හිඟ අරන් එයි ගෙදරට                                අඬදබර
සෙනෙහස පලා යයි හිතවත්කම්                           අතැර
දැන හෝ නොදැන අම්මා ආ විට                         ගෙදර
පායයි හිනා හිරු මඬලක් අප                                අතර.

කලිසම් ගවුම් තුනපහ සිල්ලර                           ටිකද
ඔත ඔත යවයි දරු දැරියන් වෙත                        නිබඳ
පෙරලා තිළිණ නොඑනා මුත් ඇය                     වෙතද
පුදුමයි සිනාවෙන හැටි දූදරුවන්                          වැළද.

වැහිබර අහස කළුවර අරගෙන                          එද්දි
බිය මුසු හැඟුම් සිත තෙරපී                         පිබිදෙද්දි
පෙරදින ලැබුණ මවු උණුහුම                    සිහිවෙද්දි
මතකය එබෙයි හිත හඬවා පෙර                        සිද්දි.

No comments:

Post a Comment