Monday, 2 December 2019

අව්‍යාජ


ඉර හද තරුවලින්සෙනෙහස     පෙරාගෙන
අරුනලු දකින දිනයක් ගැන       හිතාගෙන
මිතුදම් මවන අසිරිය දැක          සිනාසෙන
හෙට ඔව් ! දුවේ සතුටක් ඇත      උදාවෙන.

Saturday, 23 November 2019

මහල්ලාගේ ප්‍රාර්ථනය

Add caption



















සුරත් හිරු මිහිමඩල අතැර යන හැන්දැව
සුපිපි මල් පෙති හලා ඉකිබිදින හෝරාව
ජිවිතේ දුක පිරුන කවි පොතේ පිටු අතර
නුමේ මතකය ඇවිත් සිනාසෙයි මා ගාව

වසර ගනනක්එපිට අතීතේ යුහුසුළුව
සිහිනයක් සේ කෙමෙන් දිග හැරෙයි සෝබරව
දුවා දරුවන් ගිහින් ඔවුන් නැහැ ළග පාත
ඔබ කොතැන කොයි ලෙසක සිටිදැයි කිව මැනව

ඔබෙ සොහොන ළග හැදුව මල් පැළය දුටුවාද ?
ඔබ කැමති දම් පාට තවත්ඔබ කැමතිම ද
දම් පාට මිනී මල් පොකුරු පිපිලා ඊට
ඔබ නැතිව මලක් මම කාට කඩලා දෙම් ද

මිහිරි මී පැණි පිරුන යව්වනේ පෙම් බැන්ද
ඉනික්බිති දෙමාපිය ජිවිතේ සුව වින්ද
සංසාර පුරුද්දට එකතු වි වෙන් වුව ද
මමත් එමි ළගදීම ඔබ බලා ගෙන නේද?

තිලක් ඒකනායක

Tuesday, 29 October 2019

කුමුදක පෙම

බැසයන්න බැහැ කියා වැලපෙන
සදට කුමුදක් කීය මේ ලෙස
ඔබ යන්න
නොසිතා කිසිදු සැකයක්
මා පිපෙන්නේ
ඔබ සද එළියේමය.
මම සිටිමි යළි
ඔබ එන තුරා
නොපිපිම.


Wednesday, 23 October 2019

සාදරාවන්ත පෙරළිය.


සාදරාවන්ත පෙරළිය.
බලනු මැන
මතු මහල් තල මතින්
පොළෝ තලයට පැමිණ
ඔබ දිවිය පසස්නා
සාදරාවන්ත ¸ ජනහිත.

නොනිසි කිසිවෙකුදු නැති
නිමන නෙක යසිසුරු
සුවිනිත සුධීහු
මකා දා කළු පැල්ලම්
සාදා යසට අන්දම්
සිනාසෙන’යුරු
මං මාවත් ¸ තාප්ප සහ
වනස්පතී වෘක්ෂයන්හී පවා.

පොකුරු පත මත
පැනිත්තක් සේ
පිස දා සියලු ආශා
ගෙන දී ඔබට
නෙක නෙක වනින්  ස්වප්න ද.

සිතේ නිසැකව ම
සිතුමිණි රුවනක්ව ද
කප් රුක ද සිතු පැතූ දේ දෙන

අහා! කිම අරුමය
මෙතරම් කිම ද හොඳ හිත.

අවකාශයක්
නොලැබ  කිසි ඉසිඹුවකට
වික්ෂිප්ත වූ ජනහිත
සන්තුෂ්ට කරන පින් පිඬ
ඉදුරා ගෙනෙයි තුසිතය.

එනු එනු රැස්ව පොදි කා
මධුර ස්වරමය කනට සුව දෙන
තත්පර ජනී ජනයා
දරුවන් ඇකෙන් බිම දා
අසා සිටිනා අරුමය
ඉසුරුමත් බව ලද සේ
පොබයා නිබඳ මුව මුව.

ලත් දින දිනුම දෙරණත
ජය කෙහෙලි බැඳ මැති සඳ
පුද පෙරහරින් පිළිගෙන
තබනු මැන උස් අස්නෙක.

නොයෙක් වෙස් ගෙන
රුති රුති අයුරකින්
එසඳ උන් පානා
විසුළු බහු රූ කෝලම්
බලා හිදිනුව
තවත් පස් වසරක්
මුමුනා හෙමි හෙමින්
“ අදෝ අප කළ දේ ”

තිලක් ඒකනායක
අ/ නාච්චාදූව සිං ම වි






Saturday, 19 October 2019

අම්මා

Baby, Child, Family, Female, Guardian, Infant, Kid, Mom
 අම්මා.
කළුවර අරන් බය පැමිණෙන                   සැදෑවක
හිත ඉකිබිඳියි එළියක් නැති                       අමාවක
දුක වැඩිවෙලා කඳුළක් එන                   වෙලාවක
අම්මා සඳක් විය පුර පස                          කලාවක.

කුරහන් සුවඳ මතකය ඇති පෙර                        දිනෙක
තනිකම සිඳිනි මවු සෙනෙහස ඇති                     පැයක
අද මම මගේ දියණිය සිඹිනා                             විටෙක
අම්මගෙ සුවඳ සිහිවෙයි සුවඳැති                           මලක.

අග හිඟ අරන් එයි ගෙදරට                                අඬදබර
සෙනෙහස පලා යයි හිතවත්කම්                           අතැර
දැන හෝ නොදැන අම්මා ආ විට                         ගෙදර
පායයි හිනා හිරු මඬලක් අප                                අතර.

කලිසම් ගවුම් තුනපහ සිල්ලර                           ටිකද
ඔත ඔත යවයි දරු දැරියන් වෙත                        නිබඳ
පෙරලා තිළිණ නොඑනා මුත් ඇය                     වෙතද
පුදුමයි සිනාවෙන හැටි දූදරුවන්                          වැළද.

වැහිබර අහස කළුවර අරගෙන                          එද්දි
බිය මුසු හැඟුම් සිත තෙරපී                         පිබිදෙද්දි
පෙරදින ලැබුණ මවු උණුහුම                    සිහිවෙද්දි
මතකය එබෙයි හිත හඬවා පෙර                        සිද්දි.

පුර සඳ

ෙපම්වතුන්ට

ෙපම් සිතත්

පින්වතුන්ට

පින් සිතත්

ෙමා්දු කරන

සම සිත.

Wednesday, 16 October 2019

මගේ කෙටි කතාවක්

මගේ කෙටි කතාවක්

ළමා ගීයක්

පද රචනය- තිලක් ඒකනායක
ඔබේ හිත වෙත එන්න ළග මග මෙයම නම් 
ඊට ඉඩ ලැබ ඔබේ හද වෙත
දයාබර සිත අරන් එන්නම් මම්.